Followers

Tuesday, November 27, 2012

අන්ඩයගේ ගම කයි - තාම හිනාවෙනවා 2

අපේ ගෙවල් පැත්තේ බෝල ගහන්න, සංගීත බලන්න, පිස්සු වැඩ කරන්න සෙට් එකක් 
හිටිය. ඔය සෙට් එකට මම සෙට් උනේ අපේ අයිය නිසා. ඇත්තටම ඔක්කොම අපේ 
අයියගේ යාලුවෝ (අයිය කිව්වේ......... අපේ නැන්දගේ පුතා). අයියට වැඩිය මම අවුරුද්දක් 
බාලයි. අපේ ගෙවල් වලට එහායින් vedio center 1ක් තිබුන. ඕකේ තමයි කට්ටිය සෙට් 
වෙන්නේ. ඔක්කම එඋන් මට වැඩිය වැඩිමල්.. (අපේ අයිය) ලසිය (ලසිත ), සාග (සාගර)
චුටි මල්ලි (සුදාරක), චමි (චමීර), බඩා (එරංග), ගයිය (ගයාන්), අන්ඩය (විසුද).. ඔය ටික 
තමා මුලින්ම හිටියේ පස්සේ පස්සේ සෙට් 1ට කට්ටිය ගොඩක් සෙට් උනා. ඔය කලින් 
කියපු සෙට් එක මොනවා උනත් ඉස්කෝලේ ඇරිලා අපු ගමන් video center එකට සෙට් 
වෙනවා. වෙනද වගේම බත් ටිකත් දඩ බඩ ගාල ඇරලා. සිගරට් 1කුත් අරන් video center
1ට ආවා. මෙන්න අන්ඩය ඉන්නවා sad මූඩ් ගහගෙන... මම ඇහුව- "මොකෝ අන්ඩෙ" 
අන්ඩය- "1000ක් තියෙනවා කොට්ටාවට යන්න ඕනේ". මේ වගේ සතුටු වෙන්න ඕන 
මොහොතක මු අඩන්න වගේ මුණ හදන් ඉන්න එකනේ ඉවසන්න බැරි. මම - "ගින්දර නැද්ද?"
 අන්ඩය- "දීපන් මම පත්තු කරන්නම්. මම- "තොට විතරද පත්තු වෙන්නේ. මෙන්න මෙහෙට 
දීපන් ගිනිපෙට්ට්ය" පාරවල් 2ක් ගහන්න හම්බුනේ නෑ මෙන්න චුටි මල්ලි ආවා..දැන් 1 සිගරට් 
එක  බොන්න තුන්දෙනයි.. අන්ඩය- "චුටි මල්ලි කොට්ටාවට ගිහින් එමුද?" චුටි මල්ලි- "ඇයි 
උඹට කැසිල්ලද?" අන්ඩය-"බාර් 1ට බන්" අම්මේ චුටි මල්ලිගේ හිනාව. මුන් දෙන්නා ගිහින් 
එන කොට හවස 5ට විතර ඇති. මටත් ආරාධනා පත ලැබුන.දැන් තුන්දෙනත් එක්ක  සෙට් 
වෙලා ටිකක් වෙලා යද්දී..... අන්ඩය-"උඹල බීල ගෙදර යන්න එපා...අද අපේ ගෙදර....එලද?"
අන්ඩයලගේ ගෙදර අවුලක් නෑ කොහෙත්ම. ඉතින් චුටි මල්ලියි මායි අන්ඩයලගේ ගෙදර
නිදා ගන්න ගියා. මම- "අන්ඩෙ.. උදෙන්ම මාව නැගිට්ටපන් උදෙන්ම class..." අන්ඩය-
 "හරි බන් මම 4ට නැගිටිනවා" ඔහොම මු ලොකු සීන් 1 දාල නිදාගත්තා. ඔන්න උදේ මාව 
කූද්දනවා. මම- "ගිහින් නිදා ගනින් අන්ඩෙ පවු නොදී" ඒත් නෑ ඇහැරනවා.......... කුනුහරුප  
දෙක තුනකුත් කියාගෙන මම ආපහු නිදා ගත්තා.... ඊට පස්සේ මම ඇහැරුනේ 7ට 
විතර. මම ගෙදර ගිහින් පිළිවෙලට ලක ලැහැස්ති වෙලා class යන්න town 1ට ආව විතරයි 
සාග- "කොහෙද බන් උදේ පාන්දර යන්නේ?" මුව කොටියම කන්න එපැයි අහන ප්‍රශ්න 
වලට. මම- "කියපන් ඉක්මනට මට class යන්න පරක්කු වෙනවා" සාග- "පල්ලෙහා හෝල්ට් 
1 අන්ඩය ඉන්නවා.. ගිහින් හම්බු වෙයන්, ඌ උඹව හෙව්වා" ඌ අහවල් එකට මාව හොයනවද 
හිත හිත මම පල්ලෙහා හෝල්ට් 1ට එනකොට අන්ඩය ඉන්නවා හොම්බට 64ක් කවුරු හරි 
ඇනල වගේ.. මම- "මොකද බන්?" අන්ඩය- " අපේ තාත්ත හින්ද හොඳයි... උඹලට මේ වගේ 
යාලුවෝ ලැබෙන්න පින් කරන්න ඕනේ". මම- "කියන දේ ඉක්මනට කියපන් අන්ඩෙ මම 
class යන්න ඕනේ" අන්ඩය- "ඇයි බන් උදේ පාන්දර අපේ තාත්තට බැන්නේ?" මම -"උඹට 
මොන්ගල්ද? මම බැන්නේ උඹටනේ" අන්ඩය-"ඒ ඔක්කොමත් හරි. ඇයි උබ කුණුහරුපෙන් 
බැන්නේ" එතකොට මට නිකන් දහඩිය දාන්න වගේ අවා. මම- "තාත්ත මොකද කිව්වේ?"
අන්ඩය-"උඹ කිව්වලු නිදා ගන්න දියන්කෝ හු##ගේ ###පු ####තෝ කියල  " මට දැනුන සතුට
 කියල වැඩක් නෑ....(ඈ.....අපරාදේ කිව්වේ). කොහොම උනත් තාමත් අන්ඩය මගේ යාලුවෙක්.
 අදටත් මම උන්ගේ ගෙදර යනවා. අන්කල් තාමත් එදා වගේම මාත් එක්ක හොඳට කතා කරනවා 
 දැන් අන්ඩය සර් කෙනෙක් හෝමාගම town එකේ  class කරනවා. 

චුටි මල්ලි 


comment  1ක් දාපල්ලා......   







No comments:

Post a Comment