Followers

Tuesday, November 20, 2012

ARMY එකේ විස්තරයක්

අනේ සර් මටනම් බෑ
 මේ කඳවුරෙ ඉන්න 
ස්වයංක්‍රිය අවිය සමග 
පතුරම් ටික මෙන්න............. 

උදේ ඉදන් රෑ වෙනකන් 
තල් කොට කර ගහලා 
ඒ මදිවට හැන්දැවට 
night guard දාලා............ 

ඇඟ පත මගේ රිදෙන නිසා 
ඇස් දෙක පියවෙනවා 
corprol විත් අනේ හපොයි 
කලපුවෙ බස්සනවා..............

6 මාසෙට 1 දවසයි 
නිවාඩුවක් දුන්නේ 
ඒ නිස මම ටික දවසක් 
ගෙදර නතර වෙන්නේ...........

ආපු ගමන් කිල්ලෝටව 
අන්දවලා ගත්තයි 
rsm පොල්ල අරන් 
co ළඟට දක්කයි............

තමා මොකද ඇබ්සන්ට් යැයි 
රලු හඬකින් දැන් ඇසේය..
එතකොට මගේ ඇඟ උනු වී 
ඇට කටු සලිතව සැලේය........... 

අනේ sir අපේ නංගි ට 
සනීප නැති වෙන්නේ 
ඒ නිසා මම ටික දවසක් 
ගෙදර නතර වෙන්නේ........

ඔය විදියට co හමුවේ 
මගේ පිළිතුරු තැබුවා 
එතුමාගෙන් මෙවන් දෙයක් 
පිළිතුරු ලෙස ලැබුනා.......

army 1ට මට පල නෑ  
ඒවා දැනගන්න 
සුවෙම්පි කර එයින් gate 
co මෙමට දුන්න............
  
දවල් 12ටයි  කට්ටිය 
නටවන්නට කියලා 
1පාරට  වැටුනේ මම 
කලන්තයක් දාලා........... 

බබාහුකුන් දැයි කියමින් 
rp පැමිණෙනවා 
rp ගේ කලු පොල්ලට 
කලන්තේ සුවවෙනවා......... 

ඩිංගක් අනේ ඉවරවෙලා 
එතනින් පැන ගත්තයි 
army 1 මහ මැස්සට 
වෙත මන් පියමැන්නයි............

හාල් ගෝනි ටැනල් පිටින් 
කල්දේරම් තුලට බසී 
හාල් මැස්සෝ ඔලුව පිටින් 
එකේ වටේ රවුමේ යති............

පාන් එක්ක උදේට කෑවෙත් 
පරිප්පු හොද්දයි 
ඇට හොයන්න අමුඩෙ ගහල 
පීනලවත් බෑමයි...........

army එකේ විස්තරනම් 
කියන්න හරි සූරයි 
ෂෙල් 1 දොර ඇරලා නිසා 
දැන් ඩිංගක් බයමයි .......... 











මට ඕන උනේ අපහස කරන්නනම් නෙමයි.
කොල්ලෝ ටිකක් ඩ්‍රින්ක් 1ක් දාන කොට 
ගත්ත ආතල් 1ක් නිසා ලියන්න හිතුනා.

No comments:

Post a Comment