Followers

Thursday, November 22, 2012

තාම හිනා වෙනවා

"මම කවදාවත් නැතුව ඇඳෙ අනිපැත්තෙන් නිගිට්ටද" කියල හිතුනේ ඉස්කෝලේ අන්තිම 
පීරියඩ් එකට බෙල් 1 වැදුනම. ඊට‍ ඉස්සර වෙලා තිබුන පීරියඩ් 1 පට්ට සීන් 1ක් උනේ.
අපිට විද්‍යාව කලේ අරවින්ද sir. සර්ට හැමෝම කිව්වේ ගඳයා කියලා. 11 පන්ති ටික 
පෝලිමට තියෙන්නේ. එකේ අන්තිමටම තියෙන්නේ අපේ ක්ලාස් 1. අපේ ක්ලාස් 1 තමා 
හොඳම ක්ලාස් එක  (11-A). " ජඩ වැඩ කරන අසමජ්ජතියෝ ඉන්න පන්තිය" හැමෝම 
සර්ල, මිස්ල අපිට ආදරේට කිව්වේ එහෙම තමා. ඔය මොන දේ උනත් ස්ප්‍රිට් ඩයල් ටිකත් 
අපි. ඔන්න දැන් ගඳය ආවා. පිටිපස්සෙම පෝලිමේ ඉන්නේ මමයි, සෙපා (ගයාන් සේපාල),
එරා (එරංග), මදුවා (මදුසංක), විකල (චමිල), අපි 5ට  පන්තියේ වෙන ඕන දෙයක් පේනවා.
ඒ වගේම පිටිපස්සෙම පෝලිමේ ඉඳගෙන ඕන දෙයක් handle කරන්නත් පුළුවන්කම 
තිබුණා. සර් වෙනද වගේම ආපු ගමන් පාඩමට බැස්ස. සර් බෝඩ් 1 ලියනවා ලියනවා 
ඉවරයක් නෑ. සෙපා එක පාරටම ඉස්සරහ පෝලිමේ ඉන්න එකෙක්ට "අඩෝ චමල්....."
කියනවා ඇහුනා. අරුත් ඉතින් "ඇයි බන්....?" සෙපා :- "පිටු පෙරලමුද ?" චමල් :-
"සිංහල පොත ගනින්". (පිටු පෙරලනවා කියන්නේ 1ක් පිටුවක් පෙරලුවාම අනිත් එකා  
හරියට පිටු අංකේ කිව්වොත් බෙට් 1 දිනනවා) මුන් දැන් සල්ලි වලට පිටු පෙරලනවා. අපිත් 
බලාගෙන ඉන්නවා. එක පාරටම ගඳය:- "චමල් නැගිටිනවා". දැන් ආපහු  ඔක්කොම ළමයි
හොඳ බබාලා වගේ. සෙපා නම් මුකුත්ම දන්නේ නෑ හොඳම ළමය වගේ සිංහල පොතත් 
පෙරලගෙන විද්‍යාව පාඩම කරනවා. ගඳය ගහන පාරක් කනවා කියන්නේ සංසාරේ හොදි 
ඕන්නෑ.....දැන් ගඳය කියවන්න පටන් ගත්ත  "මි හරක්,,,, තොපිට කොච්චර කිව්වත් හැදෙන්නේ නෑ...
මටත් උඹලට උගන්නන්න උනානේ....[.[/[/[[/[/][/'/'.''/''!#@$$...." එක එක ඒවා කිව්වා. හැබැයි 
අසබ්‍ය වචන කිව්වේ නෑ අපේ ගැහුණු බබාලා හිටපු හින්ද වෙන්න ඇති....... මරුම සීන්  1 තමයි 
සර් අහනවා "දැන් කියනවා බලන්න පන්ති කාමරයේ තියෙන නිශ්චල වස්තුවක්...?" චමල් ගැන 
අනුකම්පා හිතිලද දන්නේ නැ සර් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ? අපිටත් චමල් ගැන මාරම දුකක් 
තිබුනේ... ඒ තරම් ප්‍රශ්නේ අමාරු හින්ද..... සෙපාට  චමල් ගැන දුක පෙට්ටියෙන් 1යි.. සෙපා 
1 පාරට චමලට රහසින් මොකක් හරි කිව්වා වගේ මට තේරුණා..... චාමල මහා හයියෙන් 
"මුට්ටිය සර් " කියපි නැතැ........ මගේ සන්තෝ ගඳයට තද වෙච්ච තරම...........කිව්වොත් චමල දවස්
 දෙකක් ඉස්කෝලේ අවේ නෑ.......
 චමල ගැන අපිට මහා ආඩම්බරයක් මෙන්ම සතුටක්ද ඇති උනා.... ඒ සතුට තාම මතක් කර කර විදිනවා .....

FB     විකල (චමිල සදරුවන්)      මදුවා (මදුශංක දයාසිරි)    මුන් දෙන්නයි එරා (එරංග)යි විතරයි දැන් සෙට් වෙන්නේ...          

තව සීන් ගොඩාක් තියෙනවා ඒක නිසා 2 කොටස බලාපොරොත්තු වන්න..........

4 comments:

  1. ඔය සිද්දිය වෙනකොට මමත් class 1 හිටියා......
    ඇත්තටම තාමත් හිනා යනවා ඒ සීන් 1 මතක් වෙනකොට

    ReplyDelete
  2. පාසල් කාලයේ කරන ජඩ කම් කාලෙක සොඳුරු මතකයක් වෙනවා. අපි ඒවා රස විඳිනවා. මේවා පූර්වාදර්ශ වෙන්න නම් හොඳ නැ.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. සමකය වටේ.... බලන්න දේවල් හුගාක් තියෙනවා thanks මචං link 1
      දුන්නට එල වැඩක්........ සුබ......!

      Delete
  3. සුපිරි ඈ
    එල ෆන් එක

    ReplyDelete